
Dharmapala Vidyalaya Pannipitiya
|
Dharmapala Vidyalaya.
Dharmapala Vidyalaya Was Managed By Buddhist Theosophical Society
(B.T.S) . Under The Direct Supervision Of The Principal Ananda College Colombo.
It Was A School For Both Boys And Girls And Supposed To Conduct Classes From Kidergarten To The Matriculation Form, In English Medium.
Mor Details >>>>>>>>>> School website
|

නිහිලුව මහා විද්‍යාලය - බෙලිඅත්ත
|
නිහිලුව මහා විද්‍යාලය - බෙලිඅත්ත
තොරතුරු තාක්ෂණ ලොව ජයගන්නට සැරසෙන නිහිලුව විද්‍යාලයේ දරුවෝ
බෙලිඅත්ත ආසනයේ නිහිලුව ගම්මානය ආශ්‍රිතව තොරතුරු තාක්ෂනය මුල් කරගත් ඊ-ගම්මාන වැඩසටහනක් මේ වන විට ඉතා සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වේ.මෙහි විශේෂත්වය වන්නේ නිහිලුව මහා විද්‍යාලයේ පරිගණක ඒකකය පදනම් කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වීමයි.
මෙහි මුලාරම්භය 2004 වසරේදි ඇති විය.එම වසරේදි නිහිලුව මහා විද්‍යාලයට පරිගණක 13 සමන්විත විද්‍යාගාරයක් අධ්‍යාපන අමාත්‍යාංශයේ දිවීතික අධ්‍යාපන නවීකරන ව්‍යාපෘතිය (Secondary Education Modernization Project)මගින් ලබා දෙන ලදි.විද්‍යාගාරෙය් භාරකාරත්වය හිමි වන්නේ විද්‍යාලයේ ක්‍රිඩා ගුරුවරයා වු ජී.එම්.අමල් මහතාටයි. මෙහි වටිනාකම වටහා ගත් අප මුල සිටම විද්‍යාලයේ සිසුන්ගේ තොරතුරු තාක්ෂණ හැකියාව වර්ධනය කිරිම සදහා වැඩි අවධානයක් ලබා දෙන ලදි.එමෙන්ම පාසල් හැරගිය සිසුන් සදහා ඉතා අඩු මුදලට පරිගණක පාඨමාලා පවත්වන ලදි.එසේ උපයාගත් මුදල් විද්‍යාගාරයේ විදුලි බිලට සහ නඩත්තු කටයුතු සදහා වැය කරන ලදි.
අප විද්‍යාගාරයට අන්තර්ජාල පහසුකම ද්වීතික අධ්‍යාපන නවීකරන ව්‍යාපෘතියේ(SEMP) වියදමින් 2007 ජනවාරි මාසයේදී ලබා දෙන ලදි.මෙය අපගේ කාර්යන් විප්ලවීය මාවතකට යොමු වීමට හේතු විය.එහෙයින් තංගල්ල අධ්‍යාපන කලාපයේ ප්‍රථම පාසල් වෙබ් අඩවිය අප පාසලේ නමින් 2007 අප්‍රේල් මාසයේදී එලිදක්වන ලදි.
www.nihiluwamv.sch.lk
මෙහි විශේෂත්වය වනුයේ මෙම වෙබ් අඩවිය නඩත්තු කිරිම සිදුවන්නේ පාසලේ සිසුන් අතින් වීමයි.වර්තමානයේ තංගල්ල කලාපයේ දිනපත් යාවත්කාලීන වන එකම වෙබ් අඩවිය වන්නේද අප පාසලේ වෙබ් අඩවියයි.
ඊ- ගම්මාන වැඩසටහන අප ආරම්භ කරන ලද්දේ ද්වීතීක අධ්‍යාපන නවීකරන ව්‍යාපෘතිෙය්(SEMP) මග පෙන්වීම අනුවය.ඒ සදහා අවශ්‍ය වේගවත් අන්තර්ජාල පහසුකම සදහා අනුග්‍රහය ලබා දුන්නේද එකී ව්‍යාපෘතියයි.මේ සදහා අපව යොමු කරන ලද්දේත්,දිරි ගන්වන ලද්දේත් එකී ව්‍යාපෘති අධ්‍යක්ෂ අනුර දිසානායක මහතාය. මෙම වැඩසටහන සදහාද අප යොදා ගනු ලැබුයේ පාසල් විද්‍යාගාරයයි.ඊ-ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක කිරිම සදහා අප රුහුණු ලංකා පදනම නමින් ආයතනයක් පිහිටුවන ලද අතර ඒ සදහා වෙබ් අඩවියක් 2007 මැයි මස දී අන්තර්ජාලයට එක් කරන ලදි.
www.ruhunulanka.org
www.nihiluwa.wordpress.com
අපට අවශ්‍ය වුයේ නිහිලුව ගම්මානය දකුණු පලාතේ ප්‍රථම ඊ-ගම්මානය බවට පත් කිරිමටයි.ඒ සදහා පසුගිය මාස දොලහක කාලය තුල අප විවිධ වු ක්‍රියාමාර්ගයන් රාශියක් ගන්නා ලදි.ප්‍රදේශයේ තරුන තරුනියන් රාශියක් පුහුණු කරන ලදි.එමෙන්ම පාසලේ දරුදැරියන් අන්තර්ජාලය හරහා ලෝකය හා සම්බන්ධ වෙමින් අපගේ සංසකෘතීන් ලොව හමුවේ කියාපායි.අන්තර්ජාලය හරහා විවිධ රටවල පරිත්‍යාගශිලින් හරහා පාසලේ සිසුන්ට ශිෂ්‍යත්ව හා පරිගණක ලබා දීමේ ක්‍රියාවලියක්ද අප ආරම්භකොට ඇත.ඉංග්‍රිසි ඉගැන්වීම සදහාද අප යොදා ගන්නේ අන්තර්ජාලයයි.එමෙන්ම අන්තර්ජාලය හරහා බැංකු කටයුතු කිරිම ATM කාඩ්පත් භාවිතය හුරු කිරිම , ඊ-මේල් හරහා ඉංග්‍රිසි ඉගෙනීමට අවස්ථා බිහි කිරිම වැනි කාර්යන්ද අප සිදු කරයි.එමෙන්ම ගූගල් ටෝක් වැනි පහසුකම් භාවිතා කරමින් විවිධ රටවල පුද්ගලයන් හා ඉංග්‍රිසියෙන් සංවාදයේ යෙදීමද අප සිදු කරයි.
නුදුරු දිනකදී නිහිලුව මහා විද්‍යාල පරිශ්‍රය තුල වයි - ෆයි කලාපයක් පිහිටුවීමට අප සැලසුම් කොට ඇත.එවිට පාසල් භුමියේ ඕනෑම තැනක සිට රැහැන් රහිතව අන්තර්ජාලයට පිවිසීමේ හැකියාව සිසුන්ට උදාවේ. වර්තමානය වන විට අපගේ විද්‍යාගාරය පුහුනු සැසි පැවැත්වීම සදහා අවශ්‍ය සියලු නවීන අංගෝපාංග වලින් සමන්විතය.එමෙන්ම දිස්ත්‍රික්කයේ ඕනෑම පාසලකට පැමිණ අපගේ වැඩසටහන අධීක්ෂණය කිරිමේ අවස්ථාවක් ලබා දීමටද අප කැමැත්තෙමු.
This school found in 1891 as a temporary one.The first principal was a Mr Wijesiriwardana.In 1894 it became a permanent school.There was only one building for the school then.First it was a boy"s school.In 1925 it was published as a Government school.There was an other school for girls.
Then 1952 it became a mixed school. The school was divided into two section as primary and secondary. In 1965 it became a Maha Vidyalaya and G.C.E Advance Level classes were started. The Commerce section was started in 1972 There are so many Principals had served in thisschool. The present principal is Mr Gamini Shantha Kumara.Now the school is being developing Many buildings a science laboratory .library, an aesthetic unit ,a computer unit and multimedia unit show the progress of the school.
Our Web site-www.nihiluwamv.sch.lk
Our Evillage site-www.ruhunulanka.org
|
Sirimavo Bandaranaike Vidyalaya
|
1973 වසරේ ප්‍රථමික බාලිකා විද්‍යාලයක් ලෙස ඇරඹ් මෙම විද්‍යාලය එවකට සිටි අග්‍රාමාත්‍ය ගරු සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනිය අතින් විවෘත කර සිරිමාවෝ බණ්ඩාරණායක විද්‍යාලය ලෙස නම් කරන ලදී. ඉතා කෙටි කලක් තුල විශාල අධ්‍යාපනික පෙරලියක් සිදුකල මෙම විදුහල අද ශ්‍රී ලංකාවේ පෙරමුනේ සිටින ප්‍රධාන බාලිකා විද්‍යාලයක් ලෙස සහ ජාතික පාසැලක් ලෙස කටයුතු කරයි. 150කින් පමණ සැදුම්ලත් විශිෂඨ ගුරු මඩුල්ලකගෙන් සැදුම්ලත් විදුහලේ 3000 පමන වන සිසුවියන් දැනුමෙන් ගුනයෙන් පිරිපුන් රටට වැඩ දායක නායිකාවන් වීමට සිප් සතර හදාරයි.
The school inaugurated on 1st of January 1973 as Stanmore Crescent Primary School and re-named in December 1973 as Sirimavo Bandaranaike Primary Girls School in honor of then Prime Minister Madam Sirimavo R.D. Bandaranaike. From a Primary School, the school developed in to a secondary school and finally to a leading national school within seventeen years of period.
The school has taken giant strides within a short period to enter through the portals of prestige to reach great heights and carve her name in the plaque of achievements as a leading girls school in the island. At present the school shelters over 3000 Sirimavians enjoying educational facilities guided by a staff of about 150 teachers devoted to the task of providing knowledge and skills and assisting the pupils in the development of aptitudes and attitudes that are a prerequisite to character building and good citizenship.
|
අතුරුගිරිය මහා මාත්‍ය විද්‍යාලය - Athurugiriya Mahamathya Vidyalaya
|
බස්නාහිර පලාතේ කොළඹ දිස්ත්‍රීකයේ හෝමාගම අධ්‍යාපන කොට්ඨාශයට අයත් පර්ෂද මුලස්ථාන පාසැලකි. බාලාංශ පංතියේ සිට උසස් පෙල දක්වා ශ්‍රේණි දක්වා අධ්‍යාපනය ලබා දෙයි.විශාල සිසු පිරිසක් ඉගෙනුම ලබන පාසැලේ දක්ෂ ප්‍රවීන ගුරු මඩුල්ලක් ඉගැන්වීම් කටයුතු කරයි.
පාසැලේ ඉරුදින දහම් අධ්‍යාපනය ලබා දෙන ශ්‍රී සද්ධර්මදාන දහම් පාසැල නමින් දහම් පාසැල පවත්වාගෙන යන අතර එහි ප්‍රධානාචාර්්‍ය ලෙස කටයුතු කරන්නේ පාසැලේ වසර ගනනාවක් විදුහපල් පතිවරයා ලෙස කටයුතු කර විශ්‍රාම ලත් පී.බී. පෙරේරා ගුරු පියාණන්ය.
![]() නව බුදුමැදුර
|


